Life+News The Official News Portal of Independent Television Network Ltd

UPDATE: නාලකගේ සහ නාමල්ගේ හඩපට ගැලපේ – CIDය අධිකරණයට දන්වයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:09

UPDATE: නාලකගේ සහ නාමල්ගේ හඩපට ගැලපේ – CIDය අධිකරණයට දන්වයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ නාමල් කුමාරගේ දුරකථන සංවාද හඬපට ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. හඬ පට 124 න් 123 ක් සැසදෙන බවයි රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී තිබෙන්නේ.

ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් නාලක ද සිල්වාට චෝදනා   එල්ල වී තිබෙනවා. ඒ බව හෙළි කලේ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරයි. ඒ අනුවයි ඔවුන් දෙදෙනාගේ දුරකථන සංවාද ඇතුළත් හඩ පට පරීක්ෂාවට ලක් කෙරුණේ.

නාලක සිල්වා සිව්වන දිනටත් CIDයට කැඳවයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හතරවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අද පෙනී සිටිනවා.

ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට කුමන්ත‍්‍රණය කළේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විමර්ශනය කටයුතු සඳහායි. පැය 30කට අධික කාලයක් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මේ වනවිට ප‍්‍රශ්න කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්