fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිධන් හාරමින් සිටි තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:08

නිධන් හාරමින් සිටි තුන් දෙනෙකු අත්අඩංගුවට

ඌරුබොක්ක දම්පහල විලයාය ප්‍රදේශයේ දී නිධන් හාරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඌරුබොක්ක පොලීසියට ලැබුණු තොරතුරුකට අනුව වැටලීම් සිදු කළා. එහිදී නිධන් හාරමින් සිටි දෙදෙනෙකු සමග ඒ සදහා යොදාගත් උපකරණද අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදුලි ජනන යන්ත්‍රයක්, වයර් රෝල්, ගල් කටු, ඇතුළු උපකරණ රැසක් ද එම ස්ථානයේ තිබී සොයා ගැනුණා. පොලීසිය වැටලීම සිදු කරන අවස්ථාවේ එහි සිටි තවත් පිරිසක් පලාගොස් තිබෙනවා. ඉන් එක් අයෙකු සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් තුන් දෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්