fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් තොටුපලේදී ලක්ෂ 64ක විදේශ මුදල් වැටලීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:42

ගුවන් තොටුපලේදී ලක්ෂ 64ක විදේශ මුදල් වැටලීමක්

නීතිවිරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ විදෙස් මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා. මෙම මුදල් තොගයේ වටිනාකම රුපියල් හැටහතර ලක්ෂ දහතුන් දහස ඉක්මවනවා.

මෙම මුදල් සිංගප්පූරුව බලා රැගෙන යාමට ගුවන් මගියා උත්සාහ දරා තිබෙනවා. රේගුව කළ පරීක්ෂාවකදී ඔහු අත්අඩංගුවට ගැනුණා. සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පනස් දෙහැවිරිදි ව්‍යාපාරිකයෙකු බව සදහන්. ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඇමෙරිකා ඩොලර්, සිංගප්පූරු ඩොලර්, යූරෝ සහ ශ්‍රී ලංකා රුපියල් එහි තිබූ බව රේගුව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්