fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට පුරා LED බල්බ දස ලක්ෂයක් බෙදීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 18:47

රට පුරා LED බල්බ දස ලක්ෂයක් බෙදීමට සූදානම්

ලබන මාසයේ දි රට පුරා එල් ඊ ඩී බල්බ දස ලක්ෂයක් බෙදාහරින බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප‍්‍රකාශ කළා. මාසික විදුලි පරිභෝජනය ඒකක අනූවකට වඩා අඩු තෝරාගත් නිවාස සඳහා එල් ඊ ඩී බල්බ ලබා දෙන බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් සේපාල මහතා සඳහන් කළේ. මෙගාවොට් 300 ක විදුලිබල ඉල්ලුමක් අඩුකර ගැනීම අපේක්ෂාව බවයි රංජිත් සේපාල මහතා ප‍්‍රකාශ කළේ. වැඩිම විදුලි ඉල්ලුමක් ඇති කාලය තුළ එය අඩුකර ගැනීමේ ආර්ථික වාසි රැසක් සැලසෙන බවයි ඔහු පෙන්වා දුන්නෙ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 18:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්