fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාල්ල ටෙස්ට් තරගයෙන් පසු රංගන සමුගනි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 18:03

ගාල්ල ටෙස්ට් තරගයෙන් පසු රංගන සමුගනි

එංගලන්තයට එරෙහිව ගාල්ලේ දි ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් පසු ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගන්නා බව ශ්‍රී‍්‍ර ලංකා දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් ප‍්‍රකාශ කළා. ඒ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත් වන බවට අද (22) නිල වශයෙන් නිවේදනය කරමින්.

ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම වමත් දඟපන්දු යවන්නා ලෙසටයි රංගන හේරත් ඉතිහාසයට එක්වන්නෙ. එංගලන්තයට එරෙහි සමස්ත ටෙස්ට් තරගාවලියට කි‍්‍රඩා කිරිමට තමන්ට අසීරු බවද රංගන හේරත් තේරිම් කමිටුවට දැනුම්දි තිබෙනවා. 1999 වසරේ දි ඔහු ටෙස්ට් වරම් හිමිකර ගත්තේ ද ගාල් ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදි. එම කි‍්‍රඩාංගණයේදි හේරත් දවාගන්නා සියවන ටෙස්ට් කඩුල්ල සදහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ එක් කඩුල්ලක් පමණයි. 2009 වසරේ දි රංගන හේරත් ටෙස්ට් තරගයකදි කඩුලු දහයක් බිඳභෙලා ඇත්තේ ද ගාල්ල කි‍්‍රඩාංගණයේදි වීම විශේෂත්වයක්. ටෙස්ට් තරඟ 92 කට කි‍්‍රඩා කර ඇති රංගන හේරත් බිඳභෙලා ඇති කඩුලු සංඛ්‍යාව 430 ක්.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 18:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්