fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 17:51

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු දෙදෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඒ අනුව කටුගම්පොළ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් වීරවර්ධන මහතා සහ ගල්ගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ගිරිබාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.ඩී. ගුණරත්න මහතා ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්