අන්තර් පාසල් ටීබි ජයා කුසලාන බොක්සිං තරගාවලියේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්වුණා.
මහනුවර ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට පාසල් 61 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් එක්ව සිටියා. ඔවුන් බරපන්ති කිහිපයක් යටතේ බොක්සිං වලල්ලට පිවිසියා. තරගාවලියේ රන් පදක්කම් 03 ක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් සමස්ථ ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල දිනා ගත්තා. තරගාවලියේ අනුශූරතාව හිමිවුනේ මහනුවර ශාන්ත සිල්වෙස්තර් විදුහලටයි. ඒ රන් පදක්කම් 03 ක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් සමගයි.