fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා විශ්ව විද්‍යාලයක තට්ටුවක් කඩා වැටීමෙන් සිසුන් 30 කට තුවාල

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 12:27

ඇමෙරිකා විශ්ව විද්‍යාලයක තට්ටුවක් කඩා වැටීමෙන් සිසුන් 30 කට තුවාල

ඇමෙරිකාවේ දකුණු කැරෝලිනා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක උත්සවයක් අතරතුර එම ගොඩනැගිල්ලේ තට්ටුවක් කඩා වැටීමෙන් සිසුන් 30 දෙනෙකු තුවාල ලැබුවා.

දකුණු කැරෝලිනා ප්‍රාන්තයේ ක්ලෙම්සන් විශ්ව විද්‍යාලයේ පැවැති උත්සවයකදීයි මෙම අනතුරු සිදු වුණේ. එම උත්සවය ආරම්භ කර සුළු වේලාවකින් පසු එම තට්ටුව කඩා වැටී ඇති බව සඳහන්. උත්සවයට පැමිණි සිසුන් නර්ථනයේ යෙදෙන අවස්ථාවේ විඩීයෝ ගතකළ දර්ශනයක එය කඩා වැටෙන අයුරු සටහන්ව තිබෙනවා.  එරට ප්‍රාන්ත පොලීසීය පැවසුවේ තුවාල ලැබුවන් අතරින් විශාල පිරිසකගේ අස්ථි බිඳිමට ලක්ව ඇති බවයි. ඉන් 23 දෙනෙකුගේ තත්වය බරපතල බවද පොලීසීය සඳහන් කරනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්