අමිතාබ් දියණිය ශ්වේතා භච්චන් තරුවක් වෙයි
Related Articles
අමිතාබ් භච්චන් කියන්නේ බොලිවුඩයේ ඉන්න සුපිරි නළුවෙක්.
පහුගිය දවසක අමිතාබ් තමන්ගේ 76 වෙනි උපන්දිනය යෙදී තිබුණා.
ඒ වගේම භච්චන් පවුලේ එකම දියණිය ශ්වේතා භච්චන් අපූරු වැඩක් සිදු කළ බව ඉන්දියාව පැත්තෙන් ආරංචියි.
අමිතාබ් – ජයා යුවළගේ දියණිය ශ්වේතා භච්චන් කිසිදු ආකාරයකින් කලාවට දායක වුණේ නැහැ.
රාජ් කපූර්ගේ දියණිය රිතූ කපූර්ගේ පුතු නිඛිල් නන්දා සමඟින් විවාහ වූ ශ්වේතා Paradise Towers නමින් නවකතාවක් රචනා කර තිබෙනවා.
එය පසුගියදා මුම්බායිහිදී එළි දැක්වුණේ බච්චන් යුවළගේ ආශිර්වාදය සමඟින්.
අම්තාබ් භච්චන්ගේ පියා කවියෙක් ලේඛකයෙක් ලෙස ප්රකටව සිටි අතර සිය මුත්තණුවන්ගේ අඩිපාරේ යමින් ශ්වේතා ලේඛනයට පිවිසීම ගැන ඉන්දීය මාධ්‍ය විවිධ තොරතුරු පළ කර තිබුණා.
ඒ අනුව මේ කෘතිය සිනමා නිර්මාණයක් ලෙසින්ද ප්‍රතිනිර්මාණය විය හැකි බව විචාරකයන් පවසනවා.