fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බඩඉරිගු, උඳු ,රටකජු , කුරක්කන් සහ මිරිස් ආනයනය බලපත්‍ර ලබා නොදීමේ තීරණයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 12:18

බඩඉරිගු, උඳු ,රටකජු , කුරක්කන් සහ මිරිස් ආනයනය බලපත්‍ර ලබා නොදීමේ තීරණයක්

බඩඉරිගු  , උඳු  , රටකජු , කුරක්කන් සහ මිරිස් ආනයනය සදහා ඉදිරියේදී බලපත්‍ර ලබා නොදීමට  කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ලබන වසරේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

බඩඉරිගු  , උඳු  , රටකජු , කුරක්කන් සහ මිරිස් සදහා අය කරන විශේෂ වෙළඳ බද්ධ ලබන වසරේ සිට ඉහළ දැමීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා. දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සහ ගොවීන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන්නේ.  බඩඉරිගු  , උඳු  , රටකජු , කුරක්කන් සහ මිරිස් ආනයනය සදහා විශාල විදේශ විනිමයක් වැය කෙරෙනවා. අත්‍යාවශ නොවන භාණ්ඩ ආනයනයේදී වැයවන විදේශ විනිමය පාලන සදහා ලබන වසර තුළ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර  ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්