fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාව අවසන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 08:42

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාව අවසන්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාර රැදවූන් ආරම්භ කළ විරෝධතාව මේ වන විට නවතා දමා තිබෙනවා.

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සදහා විශේෂ කාර්යබලකා නිලධාරීන් යෙදවීමට විරෝධය පළකරමින්  රැදවූවන් විරෝධතාව ආරම්භ කළේ ඊයේ දිනයේයි. අගුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි කුළුණක් මත නැග රැදවූවන් පැවැත්වූ විරෝධතාව මේ වන විට අවසන් කර තිබෙනවා. අද පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් සහ රැදවියන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි විරෝධතාව අවසන් කිරීමට පියවර ගෙන ඇත්තේ.  හෙට සිට සෙසු බන්ධනාගාර සදහා ද  විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට නියමිතයි.  අපරාධ මැඩලීම එහි අරමුණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 08:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්