fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රී උස්මාන් හරුන් කොළඹ වරායට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 15:50

ක්‍රී උස්මාන් හරුන් කොළඹ වරායට

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් ක්‍රී උස්මාන් හරුන් නෞකාව කොළඹ වරායට ළගා වුණා. ක්‍රී උස්මාන් හරුන් නෞකාව සුහද සංචාරයක් සදහායි දිවයිනට ළගාවුණේ.

නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිළිගත්තා. ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා. දිගින් මීටර් 95ක් සහ පළලින් මීටර් 12.7කින් යුත් ක්‍රී උස්මාන් හරුන් නෞකාව ටොන් 2300ක ධාරිතාවකින් යුක්තයි. සිය දෙනෙකුගෙන් යුත් නෞකා කාර්ය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාලය තුලදී නාවික හමුදාව සංවිධානය කරන වැඩසටහන් කිහිපයක් සදහා සහභාගී වීමට ද නියමිතයි. ලබන 22වනදායි නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතව ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්