fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 09:41

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

අද අළුයම දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

අද අළුයම දෙකට ආරම්භ වූ පොලිස් මෙහෙයුම පැය පහක කාලයක් ක්‍රියාත්මක කෙරුණා. පොලිස් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කෙරුණු මෙම මෙහෙයුමේ දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. තලංගම පොලිසියේ ස්ථානාධිපති අර්ජුන මහීකන්ද මහතාගේ උපදෙස් පරිදී තලංගම කොට්ඨාශයේ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ පොලිස් අපරාධ කොට්ඨාශයේ සහ රථවාහන කොට්ඨාසයේද සහයෝගය ඇතිවයි. පොලිස් නිල සුනඛ කොට්ඨාශය නියොජනය කරමින් බේලා සහ සාරා නිල සුනඛයින් ද මෙහෙයුමට එක්වුණා. මෙහෙයුමේදී වරෙන්තුකරුවන් , බීමත් රියදුරන්, රථවාහන වැරදි සිදුකල පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවුණා.

මේ අතර මිරිහාන පොලස් කොට්ඨාශයේ සිදුකළ මෙහෙයුමේ දීද විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේයි මෙහෙයුම සිදු කෙරුණේ. පොලිස් මාර්ග බාධක යොදා විශේෂ රථවාහන පරික්ෂාවක් ද සිදු කෙරුණා. පාමුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් ද මෙහිදී ක්‍රියාත්මක කෙරුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්