fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් නිවාස දස දහසක් ඉදිකිරිමට ඉන්දියාවෙන් ආධාර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 09:30

තවත් නිවාස දස දහසක් ඉදිකිරිමට ඉන්දියාවෙන් ආධාර

ඉන්දීය සාර්ථක තුන් දින නිල සංචාරය නිම කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතූළු දූත පිරිස ඊයේ රාත‍්‍රියේ දිවයිනට ළඟා වුණා.

සිය තුන් දින නිල සංචාරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සමඟ සාකච්ඡා සිදුකළා. කලාපීය ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ත‍්‍රස්තවාදය තුරන් කිරිම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය සහයෝගීතාවෙන් ක‍්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් ද නරේන්ද්‍ර මෝදි් මහතාගේ අවධානය යොමු වුණා. ශ‍්‍රී ලංකාවට ඉන්දිය රජයෙන් ලැබෙන සහාය අගය කරන බවයි එහිදි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

මෙරට ක‍්‍රියාත්මක ඉන්දී්ය ව්‍යාපෘති කඩිනම් කිරිමට ද අවධානය යොමුකර තිබෙනවා. සුවසැරිය ගිලන් රථ සේවය සහ නිවාස ව්‍යාපෘති සඳහා ඉන්දියාව ලබාදෙන සහයෝගය ද රනිල් වික‍්‍රමසිංහ මහතා ඇගයීමට ලක්කළා. වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස දස දහසක් ඉදිකිරිම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීමට කටයුතු කරන බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 09:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්