Life+News The Official News Portal of Independent Television Network Ltd

වතු කම්කරු වැටුප් වැඩිකිරිමට මැදිහත් වන බව කම්කරු ඇමති කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 18:02

වතු කම්කරු වැටුප් වැඩිකිරිමට මැදිහත් වන බව කම්කරු ඇමති කියයි

වතු කම්කරු වැටුප වැඩිකිරිමට මැදිහත් වන බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා ප‍්‍රකාශ කළා. සාමුහික ගිවිසුමට අනුව වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් හා කම්කරුවන් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. ඉන් විසදුමක් නොලැබුණුහොත් කඩිනමින් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
වතු කම්කරුවන්ට දැනට ලබාදෙන දෛනික වැටුප වන රුපියල් 530 , 600දක්වා වැඩිකර සියලුම දීමනා සමග 940 ක් දක්වා ඉහල නැංවීමට වතු හාම්පුතුන් යෝජනා කරතිබුණා. එභෙත් එය ප‍්‍රතික්ෂේප කරමින් දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙසයි වතු ඒකාබද්ධ වෘත්තීය සමිති පෙන්වා දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 18:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්