ඇෆ්ගනිස්ථානයේ මහ මැතිවරණය අතරතුර සිදු වූ බෝම්බ පිපිරීම් හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් වසා දමා තිබෙනවා.
තලෙයිබාන් ප්‍රහාරවල අවදානම හමුවේයි මැතිවරණය පැවැත්වුණේ. ඡන්දය පැවැත්වෙන අතරතුර කාබුල් අගනුවර බෝම්බ පිපිරීම් රැසක් සිදුවුණා. තලෙයිබාන් සංවිධානය මැතිවරණය වර්ජනය කරන ලෙස ඡන්ද දායකයින්ට බලපෑම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 250ක් සදහා අපේක්ෂකයන් දෙදහස් පන්සීයයක් පමණ තරග වදිනවා. ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 9කට ආසන්නයි. මධ්‍යස්ථාන හත්දහස් තුන්සිය පනස් පහක ඡන්දය පැවැත්වීමට සැලසුම් කර තිබුණත් ආරක්ෂක හේතූන්මත එය පන්දහස් එකසියය දක්වා සීමා කෙරුණා. මැතිවරණය සාමකාමීව පැවැත්වීම සදහා ආරක්ෂක නිලධාරීන් හැත්තෑ දහසක් යොදවා තිබුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/colin-ps-20.jpg”]