fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජලයේ මෙන්ම ගුවනේ ධාවනය කළ හැකි ලොව විශාලතම ගුවන් යානය ගමන් අරඹයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 16:12

ජලයේ මෙන්ම ගුවනේ ධාවනය කළ හැකි ලොව විශාලතම ගුවන් යානය ගමන් අරඹයි

චීනයේ පළමු වතාවට ඒ ජී 600 නමැති ඇම්ෆිබියස් ගුවන් යානය සාර්ථකව ගමන් ආරම්භකර තිබෙනවා. මෙම ගුවන් යානයේ විශේෂත්වය නම් ජලයේ මෙන්ම ගුවනේ ද ධාවනය කිරීමට හැකිවීමයි. මෙම වර්ගයට අයත් ලොව විශාලතම ගුවන් යානය මෙයයි. මෙම ගුවන් යානය මගින් මුහුදේ දී බේරා ගැනීම් කටයුතු,  ලැව් ගිනි නිවීම සහ සමුද්‍ර අධීක්ෂණය සිදුකළ හැකියි. මුදාගැනීමේ මෙහෙයුම් වලදී පුද්ගලයින් පනස් දෙනෙක් පමණ රැගෙන යාමේ හැකියාව තිබෙනවා. තත්පර 20 ක් තුළ ජලය ටොන් 12 ක් පමණ ගබඩා කර ගැනීමට ද හැකියි. චීන ජනාධිපති ෂී ජින් පින්ග් මෙම සාර්ථක නිමැවුම සදහා සුබ පැතුම් පළකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්