Life+News The Official News Portal of Independent Television Network Ltd

නාවික හමුදා හොකී තරඟාවලියේ ජය බටහිර සහ උතුරු මැද නාවික විධානයන්ට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 15:48

නාවික හමුදා හොකී තරඟාවලියේ ජය බටහිර සහ උතුරු මැද නාවික විධානයන්ට

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලියේ සමස්ථ පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය හිමිකර ගත් අතර, සමස්ථ කාන්තා ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය මෙමස 17 වන දින සිට 19 වන දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් හොකී කණ්ඩායම් සහභාගී වී සිටි අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික පිරිසක් සහභාගි වී සිටියා.

බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වුණා. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු ජයන්ත ගමගේ මහතා, නාවික අණභාර නිලධාරි (වැලිසර) සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු බන්දුල සේනාරත්න මහතා ඇතුළු බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 15:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්