Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පෙති අලෙවි කළ ඖෂධ අලෙවිසැලක් වටලයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 15:43

මත්පෙති අලෙවි කළ ඖෂධ අලෙවිසැලක් වටලයි

පාසල් දරුවන් සහ තරුණයන් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කළ ඖෂධ අලෙවිසැලක් වැටලීමට වැලිමඩ පොලිසිය සමත් වුණා. ඊට සම්බන්ධ සැකකරුවෙකු සහ මත්පෙති තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිගු කළක සිට මෙම මත්පෙති ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. වැලිමඩ නගරයේ පාසල් සිසුන් සහ තරුණයින් සදහා ඉතා ඉහළ මිල ගණන් යටතේ මත්පෙති අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ. ඒවා අදාළ අලෙවි සැල තුලදීම පානය කළ යුතු අතර ඉන් පිටතට රැගෙන ඒම තහනම් කරමින් ඉතා සූක්ෂම ලෙසයි ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ. 21 හැවිරිදි සැක කරුවෙකු  සහ මත්පෙති දහසකට වැඩි සංඛ්‍යාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඔහු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 15:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්