fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන100ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 13:09

අධ්‍යාපනය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන100ක්

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. 2018-2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියේ සමාරම්භය 2018-10-22 දින පෙ.ව 10.00ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මූලික අරමුණි‍න් මෙම ව්‍යාපෘතිය හරහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම අපේක්ෂිතයි.

ඒ අනුව, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යටතේ, විෂයමාලා නවීකරණය හා විවිධාංගීකරණයටත්, ගුරු සංවර්ධනයටත්, පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය තක්සේරුකරණයටත්, පාසල් නඟාසිටුවීමේ වැඩසටහන බලගැන්වීමටත්, අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය දියත් කිරීමටත්, අධ්‍යාපනය තුළින් සමාජ සාධාරණත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමටත් අදාළ ව සැලසුම් කළ වැඩසටහන් හා ක්‍රියාමාර්ග ඉදිරි වසර පහ තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා.

2020 තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන 2025 දැක්මට අනුකූල ව එම අරමුණු ළඟා කරගැනීමට ද මෙම ව්‍යාපෘතිය හරහා දායකත්වය ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය, හා ඊට අදාළ ජාතික මට්ටමේ අනෙකුත් ආයතන, හා පළාත් අධ්‍යාපන ‍ආයතනවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 13:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්