Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇළහැර ප්‍රදේශයේ ගොවීන්ට මෙවර ඉහළ රටකජු අස්වැන්නක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 11:37

ඇළහැර ප්‍රදේශයේ ගොවීන්ට මෙවර ඉහළ රටකජු අස්වැන්නක්

පොළොන්නරුව ඇළහැර ප්‍රදේශයේ ගොවීන්ට මෙවර  ඉහළ රටකජු අස්වැන්නක් ලැබී තිබෙනවා. ඒ සදහා රජය ලබාදුන් සහන පිළිබද ගොවීන් සිය ප්‍රසාදය පළකරනවා.

පොළොන්නරුව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් විශාල පිරිසක් අතුරු භෝග වගාවක් ලෙස රටකජු වගාවට යොමුවී සිටිනවා. රජයේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 11 ක වියදමින් රටකජු, බඩඉරිඟු සහ බීලූනු බීජ නොමිලේ බෙදාදීම සිදුවුණා. නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් රටකජු බීජ කිලෝග්‍රෑම් තුන්දහසක් ගොවීන්ට ලබාදුන් අතර  ගඟේයාය, අතරගල්ලෑව සහ කටුවාව ආදී ගම්මාන රැසක රටකජු වගාව සාර්ථකව සිදුකෙරෙනවා. එම වගාබිම්වල අස්වනු නෙලීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඉහළ මිලකට ඒවා අලෙවිකිරීමට හැකිවීමෙන් ගොවීන්ගේ අතමිට ද සරුවී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 11:37
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar166.78170.65
USA
Pound218.77226.12
UK
Euro194.98202.05
EU
Yen1.461.52
Japan
Yuan23.9825.15
China
Dollar120.18125.40
Australia
CountryCurrencyRate
Dinar447.93
Dinar557.70
Riyal438.68
Riyal46.37
Riyal45.02
Dirham45.97