fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 11:13

මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

මහවැලි සංවර්ධන අධිකාරියේ වැලිකන්ද – සිංහපුර කොට්ඨාසයේ නිලධාරියෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් විසි දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදි ඔහු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සදහන් කළේ.

වැලිකන්ද ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මහවැලි අධිකාරියට අයත් ඉඩමක අවශ්‍ය බලපත‍්‍ර සකස් කර දිම සහ ඊට අවශ්‍ය නිර්දේශ ලබාදිම සදහා ඔහු රුපියල් විසි දහසක මුදල ඉල්ලා තිබෙනවා. ඒ අනුව කාර්යාලය තුළ දී මුදල් ලබාගත් අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්