fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට (Video)

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 10:23

දුම්රිය අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට (Video)

ඉන්දියාවේ උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නගරය ආසන්නයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් සිය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දුම්රිය මාර්ගය හා ඒ අවට ප්‍රදේශයේ ආගමික උත්සවයක් සමරමින් සිටි පිරිසකුයි මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ. මෙම පිරිස රාවණාගේ පිළිරුවකට ගිනි තබමින් රතිඤ්ඤා දල්වා තිබෙනවා. රතිඤ්ඤා ශබ්දය සහ අවට තිබූ විශාල ශබ්දයත් හේතුවෙන්  දුම්රිය පැමිණෙන හඬ කෙරෙහි අවධානය යොමු නොවීම අනතුරට හේතුව බව ඉන්දීය ආරක්ෂක අංශ සදහන් කරනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කරමින් කියාතිබෙන්නේ අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල් සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ තුවාල ලැබූවන්ගේ පවුල් සදහා රුපියල් පනස්දහසක මුදලක් ලබාදෙන බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්