Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දු- ශ්‍රී ලංකා අගමැතිවරු හමුව අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 10:07

ඉන්දු- ශ්‍රී ලංකා අගමැතිවරු හමුව අද

ඉන්දියාවේ තෙදින නිල සංචාරක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡාව අද(20) දින නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ දී විදේශ ඇමතිනි ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීහු මේ සංචාරයට එක්ව සිටිනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 10:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්