Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතාලි වීසා දෙන්නම් කියා තරුණයින් විවාහ කරගත් තරුණියක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 09:59

ඉතාලි වීසා දෙන්නම් කියා තරුණයින් විවාහ කරගත් තරුණියක් අත්අඩංගුවට

ඉතාලියට යාම සදහා වීසා ලබාදෙන බව පවසා තරුණයින් විවාහ කරගෙන මුදල් ජාවාරමේ නිරත තරුණියක ඇතුළු පිරිසක් මහවැව – තොඩුවාව ප‍්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින්.

තරුණියක සහ තරුණයන් හතර දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි මාරවිල පොලිසිය සදහන් කළේ. ඔවුන් හලාවත, බිංගිරිය සහ නාත්තණ්ඩියේ පදිංචිකරුවන්. තරුණිය කුලියාපිටියේ පදිංචිකාරිණියක් බව පොලිසිය ප‍්‍රකාශ කළා. සැකකරුවන් සතුව තිබී කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් ව්‍යාජ විවාහ සහතික පත‍්‍ර කිහිපයක් සහ ව්‍යාජ වීසා බලපත‍්‍ර කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 09:59
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්