fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරිලිය ඩිපෙන්ඩර්යේ මනුෂ්‍ය ජෛවී කොටස් සොයන්න අධිකරණ නියෝගයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 18:42

සිරිලිය ඩිපෙන්ඩර්යේ මනුෂ්‍ය ජෛවී කොටස් සොයන්න අධිකරණ නියෝගයක්

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිරිලිය සවිය සංවිධානයේ කටයුතු කිරීමට 2011 වර්ෂයේ ලබා දුන් ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයේ මනුෂ්‍ය ජෛවී කොටස් හෝ වෙඩි ද්‍රව්‍ය තිබේද යන්න පිළිබද විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) රසපරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරුණු ලැබුවා.

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් ලෙසට නම් කර ඇති මෙම වාහනය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා තිබෙනවා.

තාජුඩීන් ඝාතනය කිරීමට පෙර ඔහුව පැහැර ගෙන යාම සදහා සිරිලිය සවිය සංවිධානයට 2011 වර්ෂයේ ලබා දුන් ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් භාවිත කර ඇති බවට විශ්වාසදායක තොරතුරක් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මෙම ජීප් රථයේ වර්ණය අවස්ථා දෙකකදි වෙනස් කොට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

සිරිලිය සවිය සංවිධානයට අයත් WP KA-0642 අංක තහඩුව යටතේ ලියාපදිංචි වී ඇති මෙම වාහනය පොලිසිය විසින් සොයාගත්තේ හෝමාගම ප්‍රදේශයේ තිබියදීයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo