Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ජොන්ස්ටන්ට එරෙහි පරීක්ෂණයක් අවශ්‍යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 18:00

හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ජොන්ස්ටන්ට එරෙහි පරීක්ෂණයක් අවශ්‍යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එරෙහිව නැවත පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පොදුජන පෙරමුණ අද(19) කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදීයි මේ පිළිබඳ යෝජනා කෙරුණේ.

මීට අදාළ නඩුව දෙදහස් දහයේ අගෝස්තු දාහත්වනදා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බහා තබනු ලැබුවා. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි සුනාමි ආධාර අවභාවිත කිරීම පිලිබද හෙල්පින් හම්බන්තොට නඩුව සම්බන්දයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුනා.

රට මුහුන දී තිබෙන ආර්ථික අර්බුදය නිසා අලුත් ආණ්ඩුවක් සෑදීමට ඒකාබද්ද විපක්ෂයේ කිසිදු සූදානමක් නැති බව මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දුන්නා.පසුගිය කාලයේ ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසූ භාරකාර ආණ්ඩු කතාව ජනතාව රැවටීමක් පමනක් බව එයින් පැහැදිලි වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 18:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්