fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කිය මාධ්‍යවේදී කෂෝගි සොයා සිදුකරන මෙහෙයුම් පුළුල් කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 16:58

තුර්කිය මාධ්‍යවේදී කෂෝගි සොයා සිදුකරන මෙහෙයුම් පුළුල් කරයි

සවුදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි සොයා සිදුකරන මෙහෙයුම් පුළුල් කළ බව තුර්කි පොලිසිය ප‍්‍රකාශ කළා. ස්ථාන්බුල් නගරයට ආසන්න කැලයක හෝ වගා බිමක ඔහුගේ සිරුර දමා යන්නට ඇති බවටයි සැක පළකර තිබෙන්නේ. ඔක්තෝබර් දෙවැනිදා සිට කෂෝගි අතුරුදන් වුණේ ස්ථාන්බුල් හි පිහිටි සවුදි තානාපති කාර්යාලයට පැමිණීමෙන් පසුවයි. ඔහු ඝාතනයට ලක්ව ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේවෙතත් මාධ්‍යවේදියා සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව සවුදි අරාබිය ප‍්‍රකාශ කළා. සවුදි තානාපති කාර්යාලයෙන් හා නිවසින් සොයාගැණුනු සාම්පල මාධ්‍යවේදියාගේ ඩී එන් ඒ සමග ගැලපෙන්නේද යන්න පිලිබද මේවන විට විමර්ෂණ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්