Life+News The Official News Portal of Independent Television Network Ltd

රනිල් වික්‍රමසිංහ සහ රාහුල් ගාන්ධි අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 16:25

රනිල් වික්‍රමසිංහ සහ රාහුල් ගාන්ධි අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා අතර සාකච්ඡාව අද(19) නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති පැවැත්වුණා. එහිදී ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව අවධානය යොමුවුණා.

කොන්ග්‍රසය නියෝජනය කරමින් ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ෂර්මා යන මහත්ම මහත්මීහු මේ සාකච්ඡාවට එක් වූ අතර කලාපීය ආර්ථික හා දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාජ සුභසාධන වැඩසටහන් පිළිබඳව කරුණු දැන ගැනීමට කොන්ග්‍රස් නියෝජිතයින් උනන්දු දැක්වුවා. අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන් ද, අන්තවාදය දුරු කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී කරුණු සඳහන් කෙරුණා.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොන්ග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළ අතර, ඔවුන් ස්තුති පූර්වකව ආරාධනාව පිළිගෙන තිබෙනවා.

20 වන දා නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත යි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 16:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්