නෝවුඩ් නිව්වැලිගම ප්රදේශයේ නායයාමට ලක්වූ හැටන් -බගවන්තලාව ප්රධාන මාර්ගයට සමගාමීව නව මාර්ගයේ ඉදිකිරිම් ආරම්භ වුණා. නායගිය ස්ථානයට ඉහලින් පිහිටි තේ වත්තක් මැදින් සැකසෙන මෙම මාර්ගයේ දුර කිලෝමීටරයක්. අලුතෙන් ඉදිකරන මාර්ගය හැටන් බගවන්තලාව පැරණි මාර්ගයට සම්බන්ධ කිරීමටයි නියමිත. මාසයක් ඇතුලත ඉදිකිරිම් අවසන් කරන බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සදහන් කළා. නායයාමෙන් කාසල්රි ජලාශයට කැඩී ගිය නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමටයි නියමිත.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/DSC06496.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/DSC06539.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/DSC06566.jpg”]