උඩවලව ජාතික වනෝද්‍යානයට නව පිවිසුම් මාර්ගයක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ බලංගොඩ හදගිරිය ප්‍රදේශයෙන්. පරිසර හිතකාමී ලෙස කිලෝමීටර විස්සක දුරින් මාර්ගය ඉදිකිරිමයි සැලැස්ම. ජල පෝෂක ප්‍රදේශ , අලි ඇතුන් ඇතුලු වන සතුන්ට හානියක් සිදුනොවන පරිදි එය ක්‍රියාත්මක කරන බවයි සබරගමු පලාත් සභාව පවසන්නේ.