fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයට එරෙහි අධි චෝදනා නඩුව කල් යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:03

ගෝඨාභයට එරෙහි අධි චෝදනා නඩුව කල් යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් මස 9 යළි කැඳවීමට ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෟතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

එහිදී අධි චෝදනාවලට අදාළ ඒ. සහ බී ඛාණ්ඩ වල ලේඛන විත්ති පාර්ශවය වෙත භාර දී ඇති බවත් විත්තය විශේෂිතව ඉල්ලා ඇති ලේඛන ද ඉදිරියේ ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා දැනුම් දුන්නා.

ඒ අනුව එම ලේඛන විත්ති පාර්ශවයට ලැබී ඇත්දැයි සොයා බැලීමට නඩුව නොවැම්බර් 9 දා කැඳවීමට නියමිතයි .

මෙම නඩුව දෙසැම්බර් මස 4 දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය මීට පෙර නියෝග කළා.

ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන් ද සිල්වා , භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල , ඒබ්‍රහම් ගලප්පත්ති , මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය අය ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් අද ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් මෙම නඩුවට අදාළව අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතිඥවරු විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දන්වා සිටියා..

මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත් කළ ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කරන දෙවන නඩුව මෙය වනවා.

අධිචෝදනා පොදු දේපල පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී විශ්වාසය කඩකිරීම , කුමන්ත්‍රනය, ඊට අනුබල දීම ආදී චෝදනා හතක් යටතේ ගොනු කර තිබෙනවා. අධි චෝදනාවට අදාළව ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105 ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කර ඇති අතර සාක්ෂිකරුවන් 80 ක් නම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්