Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දු – ශ්‍රී ලංකා අගමැති ඉහළ පෙළේ සාකච්ඡාව හෙට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 09:38

ඉන්දු – ශ්‍රී ලංකා අගමැති ඉහළ පෙළේ සාකච්ඡාව හෙට

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහල පෙළේ සාකච්ඡාව හෙට නවදිල්ලි නුවරදී පැවැත්වෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දුත පිරිස ඊයේ ඉන්දියාවට ළඟාවුණා.

රනිල් වික‍්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුර ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ්, ස්වදේශ කටයුතු අමාත්‍ය රාජනාත් සිං මහතා ඇතුළු ජ්‍යෙෂ්ට දේශපාලනඥයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතයි.

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ. තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීන් මෙම සංචාරයට එක්ව සිටිනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 09:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්