යොවුන් ඔලිම්පික් ක්රීඩා උළලේ මීටර් 200 කාන්තා ඉසව්වේදී මෙරට ක්රීඩිකාවක් එම ඉසව්වේ වාර්තා කළ හොදම තුන්වන කාලය වාර්තා කිරීමට ෂෙලින්ඩා ජැන්සන් සමත්වුණා.
ආර්ජන්ටිනාවේ මේ දිනවල පැවැත්වෙන තරගාවලියේදී ශ්රී ලංකාව මේ වන විටත් රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. එම තරගාවලියේ මීටර් 200 කාන්තා ධාවන තරගයේ දෙවන මූලික වටය පළමුවැනියා ලෙස නිම කිරීමට ෂෙලින්ඩා ජැන්සන් සමත්වුණා. එහිදී තරගය නිම කිරීමට ඇය ගත කලේ තත්පර 24 යි දශම 07 ක්. එය ඇගේ පෞද්ගලික හොදම කාලයයි. මෙම තරගාවලියට එක්වූ ක්රීඩිකාවන් අතරින් ඇගේ තරග නිමි කාලය හොදම 09 වැනි ස්ථානය හිමිකරගෙන සිටිනවා. මෙම කාලය කෙසේ වෙතත් එය මෙරට ක්රීඩිකාවක් මීටර් 200 ඉසව්වේ වාර්තා කළ හොදම තුන්වන කාලයයි. ඒ සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශාට පසුවයි.