ජමාල් කෂෝගි තුර්කියේ දී ඝාතනය කළ බව හෙළිවේ
Related Articles
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වාරණය කරන්නට බලයේ සිටින ආණ්ඩු කටයුතු කරන බවත්, ඊට එරෙහිව මාධ්‍යවේදීන් අන්තර්ජාලය භාවිත කිරීම වැදගත් බවත් ජමාල් කෂෝගී තමන්ගේ අවසාන ලිපිය මගින් ද අවධාරණය කළා. සෞදියේ සල්මාන් කුමරුගේ සමීපතමයන් විසින් තුර්කියේ කොන්සල් කාර්යාලයක් තුළ දී ජමාල් ඝාතනය කරන්නට ඔහුගේ මේ විවේචන ප්‍රධාන හේතුවක්.
පසුගිය ඔක්තෝබර් දෙවැනිදා සිට අතුරුදන්ව සිටි ජමාල් කෂෝගී මාධ්‍යවේදියා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා. තුර්කි නීතිපති දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සදහන් කර තිබුණේ ජමාල් ඝාතනය කළ බවට සාක්ෂි රුසක් කොන්සල් කාර්යාලයේ සිදු කරන ලද පරීක්ෂණවලින් සොයාගත් බවයි. කෙසේ වෙතත් තවමත් සෞදි රජය පවසන්නේ ජමාල් කොන්සල් කාර්යාලයෙන් පිටත්ව ගිය බවයි. සෞදි කොන්සල් කාර්යාල පරිශ්‍රය පරීක්ෂා කළ විශේෂඥ කණ්ඩායම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණක් වෙන් කර ඇති කාර්යාල පරිශ්‍රයේ සී කොටසේ ගොඩනැගිල්ලක් තුළදී ජමාල්ට පහර දී ඝාතනය කරන්නට ඇතැයි සැක පළ කරනවා. එම ගොඩනැගිල්ලේ තිබී දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පහළොස් දෙනාගෙන් හය දෙනකුගේ ඇගිලි සලකුණු සොයාගෙන අැති බවයි විෙදස් මාධ්‍ය සදහන් කරන්නේ. ජමාල් අතුරුදන් වූ දිනයේ කොන්සල් කාර්යාලයේ සිට තුර්කියේ සෞදි කොන්සල් ජෙනරාල්වරයාගේ නිල නිවසට සැකකටයුතු ලෙස මෝටර් රථයක් පිටත්ව ගොස් ඇති බවට වන වීඩියෝ සාක්ෂිද විමර්ශන අංශ මගින් සොයාගෙන තිබෙනවා. පසුගිය අගහරුවාදා සිට තුර්කියේ සෞදි කොන්සල් ජෙනරාල්වරයා වූ මොහොමඩ් අල් ඔටයිබි සිය පවුලද සමග තුර්කියෙන් පිටව ගොස් තිබීමද පරීක්ෂණ අංශවල සැකය තහවුරු කරන්නක් බවයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.