ගුවන් ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර දැනුම ශ්‍රී ලංකාව සහ කලාපීය රටවල් අතර හුවමාරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන කොළඹ ගුවන් සම්මන්ත්‍රණය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරුණා.
“ශ්‍රී ලංකාවේ භූ-මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සඳහා ගුවන් උපාය මාර්ග” යන තේමාව යටතේ මෙම සම්ම්න්ත්රණය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කර තිබුණේ හතරවන වරටයි.
ශ්‍රී ලංකාව වෙත විශේෂ අවධානයක් යොමු කරමින් දිවයිනක භූ-මුලෝපායික වැදගත්කම සනාථ කිරීම සඳහා යෝග්‍ය වන ගුවන් උපක්‍රම ගැඹුරින් සාකච්ඡා කිරීමට සහ පරික්ෂා කිරීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර හමුදා හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් බුද්ධිමතුන් එක්රැස්වන පොදු වේදිකාවක් මෙම සම්ම්න්ත්රණය මඟින් සැපයේ.
පොදු තේමාවක් යටතේ දැනුම, අත්දැකීම් සහ ප්‍රවීණතාවය හුවමාරු කර ගැනීම සඳහා ලෝක හමුදා නායකයන්, තාක්ෂණික විද්වතුන්, ගෝලීය බුද්ධි අංශ සාමාජිකයින් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් මෙහිදී එකට එක්ව කටයුතු කරනු ඇත.කොළඹ ගුවන් සමුළුව අද සහ හෙට කොළඹ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්රණ ශාලවේ දී පැවැත් වේ.
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙහි සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/2-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/11.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/5-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/8.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/10.jpg”]