සියලු අමාත්‍යාංශවල වියදම් සීමා කිරිමට රජය තීරණය කර තිබෙනවා. මෙවර අයවැයෙන් ද ඊට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග මහතා ප්‍රකාශ කළේ. ඒ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින්. රාජ්‍ය වියදම් සහ ණය කළමනාකරණය විධිමත් කිරිම යටතේ මෙම පියවර ගන්නා බවත් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළා. පසුගිය වසර තුනේ දි අධ්‍යාපන , සෞඛ්‍ය හා සුභසාධනය වෙනුවෙන් වෙන්කළ මුදල් ඉහල ගොස් තිබෙනවා. එම සහන අඛණ්ඩව ලබාදිමට ද නියමිත බවයි ලේකම්වරයා පවසන්නෙ.