ගම්පෙරලියෙන් ගම්මාන වලට රුපියල් බිලියන විස්සක්
Related Articles
රට නිවැරදි මාවතකට ගෙන ඒමට රජය දීර්ඝකාලීන ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. එහෙත් ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂය ඉතා අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. ඇතැම්විට ජනමාධ්‍යය ද එම අසත්‍ය තොරතුරු වලට වැඩි ඉඩක් ලබාදෙන බවත් මංගල සමරවීර මහතා සදහන් කළා. ඒ කොළඹ දී අද (18) පැවති සම්මන්ත්‍රණයක් අමතමින්. ගම්පෙරලිය වැඩසටහන යටතේ රජය රුපියල් බිලියන විස්සක වටිනාකමකින් යුතු ව්‍යාපෘති හතලිස් හත් දහසක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. එන්ටර්ප්රයිස් ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන යටතේ පසුගිය මාස තුනේ දි නව ව්‍යවසායකයින් විසි හත් දහසකට ණය පහසුකම් ලබාදුන් බවයි මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ. වෙනත් අමාත්‍යාංශවල ද ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. එභෙත් රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිසි තොරතුරු ජනතාවට ලබාදීමට ජනමාධ්‍ය ඉදිරිපත් නොවන බව අමාත්‍යවරයා සදහන් කළා.