සංචාරක ක්ෂේත්රය විදේශ විනිමය උපයන ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට පත් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රටේ අපනයන ආර්ථිකය වඩා ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඒ මහතා අවධාරණය කර සිටියා.
හෝටල් සංසදයේ 53 වන වාර්ෂික සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමිනුයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු සදහන් කළේ. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සමුළුව ඊයේ (17) පැවැත්වුණා. හෝටල් ක්ෂේත්රය වෙනුවෙන් කැප වුණු කිහිප දෙනෙකුටද අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන පිරිනැමුණා. උත්සව සභාව ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය රදා පවතින්නේ හෝටල් ක්ෂේත්රයේ නිරත වන්නන් ලබාදෙන සේවාව මත බවයි.
(හොද ආරංචිය තමයි මේ වන විට සංචාරක ක්ෂේත්රය විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් කිරීමට තීරණය කර තිබෙන එක. වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදයෙන් කියැවෙන්නේ අපි අපනයන ආර්ථිකයකට ඉතා ඉක්මනින් යා යුතු බවයි. අලුත් ප්‍රතිපත්ති ගෙන එනවා වගේම අපිට තියෙන සම්පත් පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. ඉන් එකක් තමයි අපේ සංචාරක ක්ෂේත්රය. සංචාරක ක්ෂේත්රය දෙස අපි අලුත් රාමුවකින් බැලිය යුතුයි. අපි මේ වන විටත් අභ්‍යන්තර ගුවන් ගමනාගමනය ප්‍රවර්ධනය කරමින් සිටිනවා. මඩකලපුව, පළාලි වැනි ගුවන්තොටුපොළවල් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. සංචාරක ක්ෂේත්රය ගත් විට අපට ඉතා හොද අවස්ථාවන් තිබෙනවා. වෙනස් වන සංචාරක ක්ෂේත්රයේ අපි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්නේ කොහාමද. මොනාද ඒ සදහා අපි ඔබට ලබාදිය යුතු සහන. පළමුවෙන් මම කියන්න ඕනේ පසුගියදා කැබිනට් මණ්ඩලය හෝටල් ක්ෂේත්රයේ ප්‍රවර්ධන සැලැස්ම අනුමත කළා. දැන් ඔබලාට තියෙන්නේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරන්න. මම හිතන්නේ ඔබ වැඩි වශයෙන් ඉන්දියාවේ ප්‍රවර්ධන කටයුතු කළ යුතුයි. මට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් ප්‍රකාශ කළා ඒ සදහා අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට සූදානම් බව. චීනයේත් ඉන්දියාවෙත් ආසියා රටවලත් මැද පෙරදිගිනුත් බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඒ නිසා අපි මේ ගැන අලුතින් සිතිය යුතුයි. අපි හැමෝම එකතු වෙලා මේ සදහා හොද සැලැස්මක් සකස් කොට එය ක්‍රියාත්මක කරමු. එවිට අපිට පුළුවන් සංචාරක ක්ෂේත්රයට තව තවත් සහන ලබා දෙන්න. ඒත් මතක තබා ගන්න හෝටල් සහ හෝටල් කාමර සෑදීමට පෙර අපි හොද හෝටල් පාසල් සෑදිය යුතුයි. මම ලැහැස්තියි නව හෝටල් සෑදීමේදී ලබාදෙන සහන පහසුකම් ඒ විදියටම හෝටල් පාසල් සෑදීමටත් ලබා දෙන්න. මොකද අවසානයේදී යටිතල පහසුකම් මත නෙවෙයි අපි ලබාදෙන සේවාව මතයි හෝටල් ක්ෂේත්‍රෙය් ප්‍රවර්ධනය රදා පවතින්නේ. මිලියන 22 ක් ඉන්න රටකට සංචාරකයින් මිලින 20 ක් ගෙන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. මිලියන පහක් හයක් හෝ අඩුම වශයෙන් මිලියන තුනක් වුනත් හොදට වියදම් කරන සංචාරකයින් ආවොත් ඇති.අපි සේවාවන් වර්දනය කර ඒ සදහා ක්‍රියාත්මක වෙමු.)
[ot-video type=”youtube” url=”https://youtu.be/oEWJX6LiCPY”]