සුරන්දිමා අමාරුවේ දැමූ හයදෙනා ඕෂදී බේරා ගනී
Related Articles
අනතුරට පත්වූ සුරන්දිමා ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් හයදෙනා ගොඩබිමට රැගෙන ආ බව ධීවර සෝදිසි මෙහෙයුම් අංශය ප්‍රකාශ කළා. ඔවුන් අද තංගල්ල වරායට රැගෙන ආ බවයි එම අංශයේ සහකාර අධ්යක්ෂ වර්ණ ශ්‍රී තිසේරා මහතා පවසන්නේ.
සුරන්දිමා යාත්‍රාව මුහුදු ගොස් තිබෙන්නෙ සැප්තැම්බර් 29 වැනිදා. ඒ අම්බලන්ගොඩ ධීවර වරායෙන්. ඕෂදී යාත්‍රාවයි එහි ධීවරයන් මුදාගැනීමේ මෙහෙයුමට යොමු කළේ. මේ මස 04 වැනිදා බේරුවලින් මුහුදු ගිය මුතූර් 03 යාත්‍රාව ද අනතුරට පත්වුණා. එහි සිටි ධීවරයන් සංඛ්‍යාව හයක්. දිනුෂ පුතා යාත්‍රාවෙන් එම ධීවරයන් මුදාගෙන ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙභෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසන්නෙ. ඔවුන් හයදෙනා ඉදිරි දින තුන ඇතුළත ශ්‍රී‍්‍ර ලංකාවට රැගෙන ඒමට හැකිවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළා.