fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩි මිලට පානිය ජල බෝතල් අළෙවි කළ ව්‍යාපාරික ස්ථාන දහයකට නඩු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 17:46

වැඩි මිලට පානිය ජල බෝතල් අළෙවි කළ ව්‍යාපාරික ස්ථාන දහයකට නඩු

වැඩි මිලට පානිය ජල බෝතල් අළෙවි කළ ව්‍යාපාරික ස්ථාන දහයකට නඩු පවරා තිබෙනවා. ගම්පහ නගරයේ සිදුකළ වැටලීමකින් ව්‍යාපාරික ස්ථාන හදුනාගත් බවයි පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කළේ. පානීය ජල බෝතල් සදහා උපරිම සිල්ලර මිලක් ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත්කළා. මිලි ලීටර් 500 ජල බෝතලයක් අළෙවි කළ හැකි මිල රුපියල් තිස් පහක්. මිලි ලිටර් 750 ජල බෝතලයක මිළ රුපියල් හතලිහක් සහ ලීටරයේ ජල බෝතලයක මිල රුපියල් පනහක් බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නෙ. නීති උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපාරික ස්ථාන වලදී ජල බෝතල් අළෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි පරීක්ෂණ සිදුකළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්