fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝරු කටට ගොස් අනූ නවයෙන් බේරුණු කාන්තාව (video)

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 16:34

මෝරු කටට ගොස් අනූ නවයෙන් බේරුණු කාන්තාව (video)

මෝරුන්ගේ ටැංකියකට වැටුණු කාන්තාවක බේරාගත් පුවතක් චීනයෙන් වාර්තා වනවා. ජියාෂිං දිස්ත‍්‍රික්කයේ ගොඩනැගිලි සංකීර්ණයකදී අනතුර සිදුවුණේ. මෝරුන් ඇතිකරන ටැංකි පරිශ‍්‍රයක් මත වීදුරුවලින් සකසා තිබූ මාර්ගයක කාන්තාව දිවයමින් සිටින ආකාරය වීඩියෝ දර්ශනවලින් දැක්වෙනවා. එම මාර්ගයේ පිහිටි විවෘත කර තිබූ ටැංකියක දොරකින් ඇය පහතට වැටෙන ආකාරය එහි සදහන්. කාන්තාව ගොඩට ඒම සදහා පිහිනා යන ආකාරය හා මෝරුන් එහා මෙහා පිහිනන ආකාරය ද වීඩියෝ දර්ශනය ඇතුලත්. වහාම පැමිණි පිරිසක් කාන්තාව බේරාගෙන ඇති අතර, මෝරුන්ගෙන් ඇයට හානි සිදුව නැහැ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්