fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පාසල් සිසුවෙක්ට දුන් තෑග්ග

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 16:28

පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පාසල් සිසුවෙක්ට දුන් තෑග්ග

උකුවෙළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු වෑන් රථයක් තුළදී අපහරණය කළ බවට මාතලේ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව එම මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි මාතලේ පොලිසිය පවසන්නේ.

අදාළ සිදුවීම පසුගිය (14) වන දින සිදුවී තිබෙනවා. එම පාසල් සිසුවා ඔහුගේ ලොකු අම්මා සමඟ උකුවෙළ කන්දේමඩ ප්‍රදේශයේ මලගෙදරකට සහභාගි වී ඇති අතර එහි පැමිණ සිටි අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මොහු සමඟ මිත්‍ර වී තමන් පැමිණි ත්‍රීරෝද රථයේ යතුර අස්ථානගත වී ඇති බව පවසා පාසල් සිසුවාගෙන් එය සෙවිමට සහය ඉල්ලා තිබෙනවා. ඒ බව ලොකු අම්මාට පවසා ඔවුන් දෙදෙනා මලගෙදරින් පිටතට ටිකදුරක් පැමිණිමෙන් පසු යතුර හමුවු බව මන්ත්‍රීවරයා පවසා එය සෙවිමට උදව් කළාට පාසල් සිසුවාට තෑග්ගක් ලබාදෙන බව පවසා තමා සමග පැමිණෙන ලෙස සිසුවාගෙන් ඉල්ලීමක් කළ බවයි වාර්තාවන්නේ.

තෑග්ග ලබාදීමට යැයි පවසා මන්ත්‍රීවරයාගේ ත්‍රීරෝද රථයෙන් නුගපිටිය ප්‍රදේශයේ පාලු වත්තක තිබු කාමරයකට රැගෙන ගොස් ටික වේලාවක් හිඳ එම කාමරය අසල ගරාජයක නවතා තිබු වෑන් නංවාගෙන තමා අපහරණය කළ බවට පාසල් සිසුවා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ(17) වන දින පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව අදාළ මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට හා ප්‍රාදේශිය සභාවට කිහිපවරක් පොලිස් කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් වල නිරතවුවද අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බැවින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මාතලේ පොලිසිය පවසනවා.

එම සිදුවීමට අදාළ පාසල් සිසුවා වෛද්‍ය පරික්ෂණ සදහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මාතලේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදු කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 16:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්