පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. ඔහුට චෝදනා එල්ලවුණේ මණ්ඩලයට අයත් මැල්සිරිපුර ප්රදේශයේ ගොවිපොලක අවන්හලක් වසර දෙකකට කුලී පදනම මත ලබාදීම සදහා රුපියල් ලක්ෂ හයක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. සභාපතිවරයා සහ ගිණුම් සහකාරවරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති යළි රිමාන්ඩ්
කියවීමට මිනිත්තු 0