මාර්ක් සකර්බර්ග් ඉවත්කරන ලෙස ෆේස්බුක් කොටස් හිමියන් යෝජනාවක් කළා. ෆේස්බුක් සමාගමේ කොටස් හිමිකාරීත්වය දරණ ඇමරිකාවේ ප්‍රධාන අරමුදල් 4ක් මෙම යෝජනාව කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ෆේස්බුක් හි ප්‍රධාන විධායක නිලධාරියා වන මාර්ක් සකර්බර්ග් මුල්‍ය වංචා සිදුකර ඇති බැවින් සභාපති ධුරයෙන් ඉවත්කළ යුතු බවට ඔවුන් චෝදනා කර තිබෙනවා. ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන ෆේස්බුක් වාර්ෂික රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇති බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සදහන් කළේ.