දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් පවතින අතර එය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. (විශේෂයෙන් 20 සහ 21 දිනවලදී) දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.උතුරු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලතැනින් තැන සවස් කාලයේ හෝ රාත්රිකාලයේවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.