fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජොන්ස්ටන්ගේ නඩු තීන්දුව අභියෝගයට ලක්කරමින් ප්‍රතිශෝධන පෙත්සමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 15:21

ජොන්ස්ටන්ගේ නඩු තීන්දුව අභියෝගයට ලක්කරමින් ප්‍රතිශෝධන පෙත්සමක්

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව අභියෝගයට ලක්කරමින් ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

රුපියල් මිලියන පහයි දශම දෙකක රජයේ මුදල් අවභාවිත කළ බවටයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහි චෝදනාව වූයේ. එම චෝදනාවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරිමට කුරුණෑගල මහාධිකරණය ඊයේ නියෝග කළා. ඒ විත්තියේ සාක්ෂිකරුවන් කැදවීමකින් තොරවයි.

මෙම නියෝගය අභියෝගයට ලක්කරමිනුයි නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව සදහන් වන්නේ. වයඹ පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල යන්තම්පලාව සතොස ගබඩාවෙන් භාණ්ඩ තොගයක් ලබාගෙන ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවා මෙසේ රජයේ මුදල් අවභාවිත කළ බවට නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්