Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණයන් 11 පැහැරගෙන ඇත්තේ නේවි සම්පත්ගේ වාහනයකින් – CIDය හෙළිකරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 12:16

තරුණයන් 11 පැහැරගෙන ඇත්තේ නේවි සම්පත්ගේ වාහනයකින් – CIDය හෙළිකරයි

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමට භාවිත කළ වාහනය නේවි සම්පත් නොහොත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයගේ භාරයේ පැවති බව අධිකරණය හමුවේ හෙළි වුණා.

අතුරුදන් තරුණයන් පැහැරගෙන ගිය බව පැවසෙන වාහනය සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මේ පිළිබඳ සොයා බැලුණා. ඒ අනුව නාවික හමුදාපතිවරයාගෙන් කළ විමසීමේදී අදාළ වාහනය චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු භාරයේ 2008 – 2009 වසරවලදී පැවති බව අනාවරණය වූණා. අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම වාහනය 06 වන සැකකරුවන ඩී.කේ.පී දසනායක යන අයගේ අධීක්ෂණය යටතේ තිබී ඇති බවයි.

දසනායක යටතේ භූගත සිර මැදිරි පවත්වාගෙන ගිය බව කියන රණසිංහ යන අය කටයුතු කර ඇති බවද හෙළිවුණා. එසේම නේවි සම්පත් නොහොත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ද, දසනායක යටතේ කටයුතු කර තිබෙනවා. සිද්ධියට අදාළ බැංකු ගිණුම් වාර්තා ඉල්ලා ඇතත් ඇතැම් වාර්තා මෙතෙක් ලැබී නැතැයි රහස් පොලීසිය අධිකරණයට කියා සිටියා.

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළේ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ අචලා සෙනෙවිරත්න මෙනවිය පෙනීසිටියා.

2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 13 වන දායි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 12:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්