fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළිඳකින් මෝටාර් උණ්ඩ 9ක් මතුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 11:30

ළිඳකින් මෝටාර් උණ්ඩ 9ක් මතුවෙයි

මුලතිව්හි පාලු ළිඳකින් එල්.ටී.ටී.ඊයට අයත් යැයි සැකකෙරනෙ මෝටාර් උණ්ඩ 9ක් හමු වී තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය ඇති බවට වූ සැකයක් හේතුවෙන් ළිඳ පරික්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශයට මෙම මෝටාර් උණ්ඩ හමු වූ බවයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් ඊයේ (17) දින ප්‍රාදේශීය සභා සේවකයින් හා ප්‍රදේශවාසීන් විසින් ළිඳ පිරිසිදු කිරීමට ජලය ඉවත් කොට ඇති අතර, එහිදී එම පිරිස් විසින් පුපුරණ ද්‍රව්‍ය දැක ඒ බව සිදුකළ දැනුම්දීමක් මත පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් අදාළ ළිඳ පරීක්ෂා කර තිබෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ගොඩගත් මෝටාර් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්