ජාතික ආර්ථීක සභාවේ දී පැණිබිම සමාගම් සහන ඉල්ලා සිටි බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.
මීරිගම මුලික රෝහලේ රුපියල් මිලියන 10 ක වියදමින් ඉදිකරන ලද විකිරණ ඒකකය,රුපියල් මිලියන 40 ක වියදමින් වාට්ටු නවීකරණය කිරිම සහ රුපියල් මිලියන 30 ක වියදමින් ස්කෑන් ඒකකය සහ ශල්‍යාගාරය සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කථානායක කරූජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.
මෙම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“ජාතික ආර්ථික සභාව අද පැවැත් වුණා.එහිදී පැණිබිම සමාගම් සහන ඉල්ලා සිටියා. මම ප්‍රකාශ කළා සමාගම් ජනතාවට රෝග බෝ කරලා මුදල් හම්බකර ගන්නා බව. එම රෝග නිවාරණය සදහා රජයට විශාල වියදමක් දරන්න සිදු වෙනවා. සමාගම් වුවත් සාධාරණ විය යුතුයි. ව්‍යාපාර කළත් ජනතාවට සේවාවක් කළ යුතුයි. යහපාලන රජය බිහි නොවුනා නම් රෝගී ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව 100%ක් ලැබෙන්නේ නැහැ. එම නිසා පැණිබීම සමාගම් වලට සහන ලබාදීමට වඩාජනතාව ගැන අපි සිතිය යුතුයි. අපේ රට, ජාතිය ගැන හිතන්න ඕනි. ජනතාව රෝගාබාධ වලින් ආරක්ෂා කිරීම අපේ වගකීමක්. වත්මන් රජයෙත් දුර්වලතා තිබෙනවා. රජය තුල විවිධ හොරකම් වලට සම්බන්ධ අය ඇති. ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් පසුගිය රජයට වඩා මෙම රජය හොදයි. යහපාලන රජය බිහි කිරීමට සිය ජීවිතය කැප කල අය මෙන්ම කැප නොකළ අයත් මෙම රජය තුල ඉන්නවා. සුද්ද පවිත්‍ර කරලා මිනිස්සු ගන්න බැහැ. යහපාලන රජයට එක්වීමට කැමැත්ත පළ කළ අය රජයට ලබාගත්තා.”
“සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සදහා විශාලවැඩ කොටසක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. චීන රජයේ රුපියල් මිලියන 700 ක ආධාර මතමීරිගම රෝහල සංවර්ධනය කරනවා. චීන ආධාර මත රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට නියමිතයි.මෙම රෝහලේ පල්දෝරු පද්ධතිය ද සකස් කිරීමට කටයුතු කරනවා. දිවයින පුරා රෝහල්වල පල්දෝරු පද්ධති ඔස්ට්‍රේලියානු සමාගමක් සහ දේශීය සමාගමක් විසින් සකස් කරනවා.”
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීචතුර සේනාරත්න, පළාත් සභා මන්ත්‍රී උදේනි විඡේරත්න, පළාත් පාලන මන්ත්‍රීවරුන්, රාජ්‍ය ආයතන නිලධාරීන් එක්ව සිටියහ.